Pasidol
Sathosa Ad Final Sinhala
Aug 10, 2017

රයන් ඇතුළු 5කට වරෙන්තු !

අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අද (10 දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ නියෝගය නිකුත් කර ඇත.

මහජන පීඩා ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරතවූ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මිට පෙර නඩු දිනයක දී වරෙන්තු නිකුත් කර තිබුණි.

කෙසේවුවද, අද(10) නඩුව කැඳවූ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ  කොල්ලුපිටිය පොලිසියෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අත්ඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස යළිත් පොලිසියට නියෝග කළ බවද වාර්තාවේ..

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top