Pasidol
Sathosa Ad Final Sinhala
Aug 12, 2017

රාජපක්‌ෂලාගේ දූෂණ සෙවීමට විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ ! Featured

හිටපු ජනාධිපති ඇතුළු රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයන්ට විරුද්ධව එල්ල වී ඇති මහා පරිමාණ වංචා දූෂණ චෝදනා පිළිබඳව කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ සකස්‌ කරන ලෙස අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට බලකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පියවර ගෙන ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා 'ඉරිදා දිවයින' පුවත්පතට පවසා ඇත.

දැනට සිදුකරගෙන යන පරීක්‌ෂණ කටයුතු සහ අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව කිසිසේත්ම සෑහිමකට පත් විය නොහැකි යෑයිද හෙතෙම පවසයි.

හොරු ඇල්ලීම සහ හොරුන්ට දඬුවම් දීම දිනෙන් දීම කල්යැම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් හෙතෙම කියා සිටියි.

mr 20

'පලි ගැනීම් දිගටම' -හිටපු ජනපතිගෙන් චෝදනා

වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදුකරන්නේ නීති උපයෝගි කර ගනිමින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top