Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Aug 13, 2017

උතුරට ෆෙඩරල් ඕනෑමයි - විග්නේෂ්වරන් Featured

උතුරු පළාතේ ගැටලු විසඳීමට නම් අනිවාර්‍යයෙන්ම උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුදායක බවද ඔහු සඳහන් කර ඇත.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම අනිවාර්‍යයෙන්ම ඇතුළත් කළ යුතු බවත්, බලය බෙදීම අනිවාර්‍යය කළ යුතු බවත් ඔහු පැවසීය.

ඒකීය රට වෙනුවට එක්සත් රටක් ලෙස භාවිත කළයුතු බවත්, ඒ තුළින් උතුරේ ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් ඔහු කියා සිටී.

ආණ්ඩුව මේ අදහස් මඟහැරීම නිසා උතුරේ ගැටලුව තවත් ව්‍යාකූල වී ඇතැයිද ඔහු පවසයි.

මූළාශ්‍රය - ඉරිදා ලංකාදීපය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top