Pasidol
Sathosa Ad Final Sinhala
Nov 16, 2016

තවුහිද් ජමාත් ලේකම් රිමාන්ඩ්

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නොවැම්බර් 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝග කළේය.

පසුගිය 3 වනදා මාලිගාවත්ත, ප‍්‍රදීපා මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර බුදුදහමට නින්දාවන ආකාරයෙන් හා ජනතාව කුපිත වන ආකාරයෙන් අදහස් පළ කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනුණි.

මේ අතර අබ්දුල් රාසික්ගේ ප‍්‍රකාශයට විරුද්ධව අදහස් පළ කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඊයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධයකද නිරත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top