Aug 14, 2017

'විජයදාස ගැන අවසන් තීරණය 17 දා' Featured

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලින් බණ්‌ඩාර ජයමහ මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධව මන්ත්‍රීවරුන් වශයෙන් තම කණ්‌ඩායමට තනි තීරණයක්‌ ගත නොහැකි බවද ඒ පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ජයමහ මහතා කීවේය.

එම නිසා 17 වැනිදා පවත්වන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් උපදෙස්‌ ලැබෙනු ඇතැයි ද එදින ලැබෙන උපදෙස්‌ මත විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසන් තීරණයකට පැමිණීමට හැකිවනු ඇතැයිද නලින් බණ්‌ඩාර මහතා කීවේය.

විජයදාසට පක්‍ෂයි : ෆයිසර්ට විරුද්ධයි

එජාප මන්ත්‍රීවරුන් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේදී ඊට විරුද්ධවත්, ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂවත්, ඒකාබද්ධ විපක්‍ෂය අත් ඔසවන බව රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරුන් වන විජයදාස රාජපක්‍ෂ සහ ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුන්ට එරෙහිව ආණ්‌ඩුව විසින්ම විශ්වාසභංග යෝජනා දෙකක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වන බව පසුගිය සතියේ ප්‍රකාශ විය.

මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂය දරන ස්‌ථාවරය කුමක්‌දැයි රංජිත් සොයිසා මහතාගෙන් කල විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

''අපි පෙනී ඉන්නේ විඡේදාස රාජපක්‍ෂ මහතා වෙනුවෙන්. විඡේදාස රාජපක්‍ෂ කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාව වැඩිපුර විවේචනය කළ පුද්ගලයෙක්‌. ඔහු එදා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ඉවත් වුණේ ප්‍රතිපත්තිමය හේතු මත,

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව:

විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ආණ්‌ඩුව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන්නේ ඒ මහතාගේ ප්‍රතිපත්තියට විරුද්ධවයි. ඔහුගේ ප්‍රතිපත්තිය රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිවයි.

විඡේදාස රාජපක්‍ෂ මහතාගේ ඒ ප්‍රතිපත්තියට අපි ගරු කරනවා.

නමුත් ෆයිසර් මුස්‌තාපා මහතාගේ ක්‍රියාකලාපයට අපි විරුද්ධයි.

ඒ නිසා විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී අපි ඒ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඒත් ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට එරෙහිව ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාව ගෙන ආවොත් අපි ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු සමඟ එක්‌ව ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට එරෙහිව ඡන්දය දෙනවා ''යෑයිද රංජිත් සොයිසා මහතා පැවැසීය.

ආණ්ඩුවට වඩා මට මේ රට වැදගත් - විජේදාස

කෙසේවුවද අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ, තමනට ආණ්ඩුවට වඩා මේ රට වැදගත් බවයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top