Sathosa

Aug 15, 2017

'ආවා' තරුෂන් අත්අඩංගුවට

ආවා කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද(15දා) යාපනය- කොක්කුවිල් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 19 ක තරුෂන් නමැති තරුණයෙක් බව වාර්තා වේ.

මොහු යාපනය,කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු බව පැවසේ.

මීට කලින් අත්අඩංගුවට ගත් ආවා කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ලද තොරතුරු අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top