Sathosa

Aug 19, 2017

'ආණ්ඩුවෙන් යන තීන්දුව ස්ථිරයි' - ටී.බී.

හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීරණයක් ගැනීම ලබන සතියේ කණ්ඩායම රැස්වී සිදු කරන බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකානායක මහතා පවසයි.

මේ අතර නියෝජ්‍ය ඇමති ඩුලිප් විජේසේකර පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර බවත් තීරණය කිරීමට ඇත්තේ දිනය පමණක් බවත්ය.

අලුත් ආණ්ඩුවක් :

මේ අතර, වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පවසා සිටියේ, ඒකාබද්ද විපක්‍ෂයේ අගමැතිවයෙක් පත් කරගෙන ඉදිරි මාස දෙක ඇතුලතදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු සිදු වන බවයි.

එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුළත ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කරන්න කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට 2020 වනතුරු බලා සිටීමේ උවමනාවක් නැති බවත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිපය සමග එක්ව ඒකාබද්ද විපක්‍ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කිරීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top