Aug 22, 2017

'විභාග වංචාවලට සමාවක් නැහැ'

විභාග වංචාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවන කොටස සම්බන්ධයෙන් මතු වූ ගැටළුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ සිදු වූ විභාග වංචා සහ විභාගයට පෙර ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම වැනි සිද්ධීන් වලක්වා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව විවිධ ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කර තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සමාජය තුළ විශ්වසනීයත්වයක් ගොඩනැගී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම තත්වය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවුණේ මෙහෙමයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top