Aug 24, 2017

CID අධ්‍යක්ෂ ධූරය මෙවන් සිල්වාට !

පුරප්පාඩුවී ඇති රහස් පොලිස් අධ්‍යක්ෂ ධූරයට විශේෂ විමර්ශන ඒකයේ (Special Investigation unit-SIU) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා පත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුව සිටි බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීමෙන් පසුව එම ධූරය පුරප්පාඩු විය.

රහස් පොලිසියේ විශේෂ විමර්ශනයන් භාරව ක්‍රියාකරණ රහස් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම තනතුරට පත්කරන්නැයි ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, රහස් පොලිසිය විසින් පසුගිය කලයේදී සිදු කළ විශේෂ මෙහෙයුම් පරීක්ෂණ හා විමර්ශන සියල්ලක්ම සිදුකරනු ලැබුවේ ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් වන අතර එම කාරණාව හේතුවෙන්ම ඔහුට පසුගිය කාලයේ ජීවිත තර්ජන පවා එල්ලවී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top