Sathosa

Aug 24, 2017

'උසාවි දාන්න කලින් හොයල බලන්න' - යතුරුපැදිකරුවන්ගේ සංගමය

වාහන පරීක්ෂා කිරීමේදී ඊට අදාළ ලිපිගොනු අනිවාර්ය කරන මෙන් සමස්ත ලංකා යතුරු පැදි සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා ඉල්ලා සීටියි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඔහු මෙම ඉල්ලීම කරන්නේ මෑතකදී සිට මුල් ආකෘතිය වෙනස් කිරිම් පරීක්ෂණ වීශාල ප්‍රමාණයක් පවත්වා ඇති නමුත් බොහොමයක් එම වාහන හා යතුරුපැදි වෙනත් රටවල වෙනස් කොට භාවිතා කළ ඒවා බැවිනි.

ලියාපදිංචිය අවස්ථාවේ තිබු වෙනස් කිරීම් බව මෝටර් රථ හිමිකරුවන් ප්‍රකාශ කළද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සාධාරණ සොයා බැලීමකින් තොරව අන්තර්ජාලයෙන් ගත් ඡායරූපයක් පදනම් කොටගෙන අධිකරණයට ඒවා වෙනස් බවට පදනම් විරහිත වාර්තා ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

මේ අනුව වාහනයක් හෝ යතුරු පැදියක් වෙනස් කිරීම හෝ චැසි අංකය පරීක්ෂා කරන විට එම වාහනයේ හෝ යතුරු පැදියේ අන්තර්ජාලයේ ඡායාරූප ඇසුරින් නොව ලියාපදිංචියේදී ආනයනකරු විසින් ලබාදෙන වාහනයේ ඡායාරූප හා චැසි අංකයේ ඡායාරූප ඇති ලිපි ගොනුව ඇසුරින් පමණක් අදාළ පරීක්ෂා කිරීම් කළ යුතු බව ඔහු පවසයි.

තවද මාර්ග ධාවනයට සුදුසුද නැද්ද යන පරීක්ෂණය වෙනම පවත්වන ලෙසත් එයට  වෙනස් කිරිම් හා චැසි අංක,එන්ජිම් ධාරිතා පරීක්ෂා ඇතුළත් නොකරන ලෙසත් එමතින් දූෂණය නිසා ඇතිවූ මහජන පීඩාව  අවම කිරීමට හැකි බවත් ඔහු අවධාරණය කර සිටී.

සංගමය විසින් "යකඩ හීන තැපීම නවත්වනු" යන පෙත්සම යටතේ අවධානයට ගෙන ඇති වාහන වෙනස් කිරීම් අනුමත කිරීම,ස්ටිකර් ඇලවීම, ජපන් යතුරු පැදි මර්දනය, අධිබලැති යතුරු පැදි ආදි ගැටලු සදහා විසදුම් ප්‍රවාහන අමාත්‍යවරයාට ලබා දීමට නොහැකි නම් එම ගැටලු ජනාධිපතිවරයා ඉදිරියේදී සාකච්ඡාවට ලක්කොට විසදුම් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

cma letter to dmt comm 2017 08 24

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top