Sathosa

Aug 24, 2017

'එකාබද්ධය මගේ විශ්වාසය තහවුරු කරනවා' - රාජිත

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මගේ විශ්වාසය තහවුරු කර ගැනීමේ යෝජනාවක් බවට පරිවර්තනය කරන බව සුව ඇමැති කියයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද දින (24) ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදි.

“ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් කර මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. චෝදනා නොමැති නිසා නොදැනුවත්කම හේතුවෙන් අහුලාගත් චෝදනා එම විශ්වාසභංගයේ ඉදිරිපත් කර තිබෙනවා.

මම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමින් සභාවට තුන්වරක් සහභාගි වී ප්‍රකාශ ලබාදුන්නා. එම නිසා ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබදව මම පුදුමයට පත්වනවා. මම නීතියට ගරු කරලා කටයුතු කර තිබෙනවා.

මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධයෙන් තක්සේරු වාර්තා 03 ක් කැඳවූ බව එහි විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා .

මෙම වරාය හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නාවික හමුදාවට පවරා ගැනීමට උත්සාහ කළා. එම උත්සාහය වෙනුවට රට වෙනුවෙන් හොඳ පියවරක් ගත්තා.

චෝදනා ලැබූ දුෂිතයින් පිරිසක්:

පසුගිය රජයේ දුෂණ සහ වංචාවලට චෝදනා ලැබූ දුෂිතයින් පිරිසක් ඒකාබද්ධව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව ආරම්භ කළ සටන අත්හරින්නේ නැහැ. මහජනතාව දැනුවත් කරනවා.

2015 ජනවාරි 08 දින සිටි ස්ථාවරයේ ම සිට මම කටයුතු කරනවා. මම කළ වැඩ ජනතාව අනුමත කර තිබෙනවා. එක විශ්වාසභංගයක් නොවෙයි විශ්වාසභංග 10 ක් ගෙනාවත් දුෂිතයින්ට එරෙහි සටන ඉදිරියට ගෙන යනවා. සැළෙන්නේ නැහැ. මෙය බංකොළොත් විශ්වාසභංගයක්.

මෙම විශ්වාසභංග යෝජනාව මගේ විශ්වාස පළ කිරීමේ යෝජනාවක් ලෙස පරිවර්තනය කර ගන්නවා. පළිගැනීමේ චේතනාවෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. මා පිළිබද විශ්වාසය ජනතාවගෙන් තුරන් වී නැහැ.

මෙම විශ්වාසභංග යෝජනාව පහසුවෙන් ජය ගන්නවා. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේම සහයෝගය ඊට ලැබෙනවා.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top