Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2016

කථානායක වෙන්න ගිය ඉංජිනේරුවා අමාරුවේ

පාර්ලිමේන්තු සභා ගර්භයෙහි කථානායක අසුනෙහි වාඩිවූ බව කියන පාර්ලිමේන්තුවේම සේවයේ නියුතු ඉංජිනේරු නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉකුත් 16වන දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීමෙන් ටික වේලාවකට පසුව මෙම නිලධාරියා කථානායක අසුනේ වාඩිවී පවිත්‍ර කරන සේවකයන්ට උපදෙස් ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා විසින් කථා‍නායකවරයාට පැමිණිලි කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව මේ පිළිබඳව කරුණු සොයා බලන ලෙස කථානායකතුමන් විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත අද දින(18දා) උපදෙස් දෙනු ලැබූ බව සදහන්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top