Aug 29, 2017

'මෛත්‍රී, එජාප හවුලෙන් ඉවත් වුහොත් අපි හවුල් වෙනවා' -වාසු

ශ්‍රීලනිප ප්‍රතිපත්ති අනුව තවදුරටත් එකට යෑමට නොහැකි බව ශ්‍රීලනිප සංවත්සරයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළොත් එජාපය පරාජය කිරීමේ ලොකුම එකඟතාව එතැන සිට ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (28දා) සහභාගි වෙමින්ය. බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති එම මාධ්‍ය හමුවේදී වාසුදේව නානායක්කාර මහතා මෙසේ කීවේය.

''ශ්‍රී ලනිප සමුළුවේ වැදගත්කම තිබෙන්නේ බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ප්‍රතිපත්තිය, දර්ශනය අනුව එජාපය සමඟ තවදුරටත් හවුල් ගමනක් යෑමට නොහැකියැයි ප්‍රකාශ කළොත් පමණයි.

තමන්ට මේ ආණ්ඩුවේ වැඩ කරන්න බැහැ කියල ජෝන් සෙනෙවිරත්නත් ප්‍රකාශ කළා. රවි, විජයදාස වැනි විශාල ගල් ගැලවිලා අවසන්. ආණ්ඩුව බිඳ වැටෙන දවස මේ විදියට වැඩි ඈතක නොවෙයි.

එජාපය එක්ක තවදුරටත් යෑමට නුපුළුවන් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළොත් එජාපය පරාජය කිරීමේ ලොකු එකඟතාව එතැනින් ආරම්භ වෙනවා.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top