Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2016

‘දුමින්ද සිංගප්පූරුවට ගෙනියන්න අදහසක් නෑ’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට සිංගප්පූරුවට ගෙනයාමට පවුලක් ලෙස කිසිඳු අවශ්‍යතාවයක්, අදහසක් හෝ ඉල්ලීමක් නොමැති බව එම මහතා ගේ සොයුරිය වන දිලින් ඈන් සිල්වා පවසයි.

ෆේස්බුක් පෝස්ටුවක් මගින් ඇය පවසා ඇත්තේ සිය සොයුරා ව සිංගප්පූරුව වෙත රැගෙන යන බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් එය ජනතාව මුලා කිරීම සඳහා පතුරවන මුසාවක් බවයි.

සිය සොහොයුරා ව පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින අයට ප්‍රතිකාර කළ නොහැකි පවසමින් ඔහුව ප්‍රතික්ෂේප කළ නමුත්, නමුත් හිසට වෙඩි දෙකක් වැදුනු කෙනෙක් ලෙස සිය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට දුමින්ද සිල්වා හට මානුෂීය අයිතියක් ඇති බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඇය විසින් පළ කර ඇති සම්පූර්ණ ෆේස්බුක් පණිවිඩය මෙසේය :

සබැඳි පුවත් :

ජ’පුර රෝහල දුමින්ද සිල්වා බාරගන්න බෑ කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top