Aug 30, 2017

'නව ආදායම් පනත ස්‌වජාතිකයින් වනසන එකක්‌' - බන්දුල

නව දේශීය ආදායම් පනත ස්‌වජාතිකයින් වනසන විජාතිකයින් සනසන එකක්‌ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම පනතින් එදා මහින්ද රාජපක්‌ෂ පාලන යුගයේ ජනතාවට ලබාදුන් බදු නිදහස්‌ සියල්ල ඉවත්කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්‍රම ධර්මායතනයේදී ඊයේ (29 දා) පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේa ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

ලක්‌ෂයකට වැඩි ආදායම් ලබන පුද්ගලයන්:

පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන නව දේශීය ආදායම් පනතින් රුපියල් ලක්‌ෂයකට වැඩි ආදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අයවන බව ආණ්‌ඩුව කිව්වත් එය සාවද්‍ය ප්‍රකාශයක්‌.

නව පනත් කෙටුම්පතේ මීට කලින් තිබූ බදු නිදහස්‌ කිසිවක්‌ සඳහන් වන්නේ නැහැ. කලින් ආදායම් බදු නිදහස්‌වීම්, අනුග්‍රාහක බදු ප්‍රතිශත සඳහා අයකිරීම් යනාදිය සියල්ල ඉවත් කරලා.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ යුගයේදී මේ රටේ ජනතාවගෙන් ආදායම් බදු අයකිරීමේදී යම්කිසි සහනයක්‌ සැලසෙන ආකාරයට සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූලව පිටු 44 ක්‌ පුරාවට බදු නිදහස්‌ පිළිබඳ විධිවිධාන ඇතුළත් කර තිබුණා. දැන් ඒ පිටු 44 මේ නව පනත් කෙටුම්පතින් පිටු 2 කට සීමා කරලා.

සියලු බදු නිදහස්‌ ඉවත් කරලා:

ඉවත් කරපු බදු සහන පිළිබඳව ආගමික නායකයන්, කෘෂිකර්ම කර්මාන්ත ක්‌ෂේත්‍රයේ නියෑළෙන පිරිස්‌, කලා ක්‌ෂේත්‍රයේ නියෑළෙන කිසිවකුට අවබෝධයක්‌ ලබාගන්න ක්‍රමයක්‌ නැහැ. මා විසින් රචිත බදු දඩයම කෘතියේ ඉතා පැහැදිලිව මෙම සියලුම කරුණු සඳහන් කර තිබෙනවා.

නව පනත අවශ්‍යයෙන්ම ස්‌වජාතිකයින් වනසන විජාතිකයින් සනසන සමස්‌තයක්‌ වශයෙන් ආදායම් මට්‌ටම්වල පහළ අදියරයේ සිටින අයත් ආදායම් බද්දට යටත් කිරීමට සකස්‌ කළ බදු කෙටුම්පතක්‌ බවට පරිවර්තනය වෙනවා. මෙම නව බදු පනතේ රටට අහිතකර බොහෝ දේ තිබෙනවා.

ලංකා ඉතිහාසයේ කිසිම දිනයක ආදායම් බදු පනතක්‌ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10 ක්‌ ඉදිරිපත් කරලා නැහැ.

විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි මහත්වරු නීතිඥ සංගමය, දේශීය ආදායම් බදු නිලධාරීන්, වෘත්තිය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සම් ඉදිරිපත් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දු තීරණ මත සංශෝධන ගණනාවක්‌ කිරීමට සිදුවුණා. එම සංශෝධන ලබාදෙන බව දැනුම් දී තිබෙනවා.

මේ පනතේ සමහර වගන්ති සම්මත කිරීමට 2/3 ක්‌ හා සමහර වගන්ති සඳහා ජනමත විචාරණයකට නොගොස්‌ සම්මත කළ නොහැකි බව කියා තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් :

මෙයින් පැහැදිලි වන්නේ රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුගතව සකස්‌ කරපු පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව සකස්‌ කර තිබූ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණය 2/3 කින් හා ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකියි කියා තීන්දුව ලබාදී තිබෙන්නේ.

ඒ අනුව අපි හිතනවා අවශ්‍යයෙන්ම ඒ වගන්ති නිවැරදි වෙයි කියලා.

මෙම පනත පසුගිය සතියේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබුණා. ඒ අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‌ෂය වෙනුවෙන් නායක දිනේෂ් ගුණවර්ධන මහතාත්, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමත් ඒ වගේම තවත් මන්ත්‍රීවරු රැසක්‌ කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන ඉදිරිපත් කර තිබුණා.

අපි ඉදිරිපත් කළ සංශෝධනවලට එක්‌වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිටි පසුගිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාලන කාලයේ ලබාදුන් සහන සියල්ල නව බදු පනතින් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වශයෙන් එකඟවීම යුක්‌ති සහගත වන්නෙ නැහැ.

පූණ්‍යායතනවලට තිබූ බදු නිදහස :

ඉංග්‍රීසි ආණ්‌ඩු කාලයේ සිට පූණ්‍යායතන බද්දෙන් නිදහස්‌ කරලා තිබුණේ. අපි සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. පූණ්‍යායතනවලට කලින් තිබූ බදු නිදහස ලබාදෙන්න කියලා.

සේවක අර්ථ සාධක අරමුදල් සම්පූර්ණයෙන් බදුවලින් නිදහස්‌ කරදෙන ලෙස ඉල්ලා සිටිනවා. අර්ථක සාධක අරමුදලට කර තිබෙන බරපතළ මේ ප්‍රහාරය නතර කරන්න කියා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ඉතුරුම්වලින් ලැබෙන පොලී ආදායමින් බදු අයකිරීමෙන් නිදහස්‌ කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඉතුරුම්වලින් බදු අයකිරීම අසාධාරණයි. මෙතෙක්‌ ආදායම් බදු නොගෙවූ පුද්ගලයිනුත් නව පනතින් බද්දට යටත් වෙනවා.

නව දේශීය ආදායම් පනතේ රටට අහිතකර කොටස්‌ ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

 ඝානා රටට සකස්‌ කළ බදු පනතක්‌ පරිවර්තනය කරලා අපේ රටට හඳුන්වා දුන්නම මෙවැනි අවුල් ඇති වෙනවා. මේ බදු පනත සංශෝධනයක්‌ නොවෙයි මෙය අලුත්ම බදු පනතක්‌.

සබැඳි පුවත් :

විදේශගත ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමක් නෑ


අර්ථසාධක අරමුදලෙන් 4%ක බදු වැඩි කිරීමක් !


බදු සහන හරහා වසරකට කෝටි 25,000ක් රජයට අහිමියි !


ඒකාබද්ධය හා මංගල අතර විශේෂ හමුවක් !


නව දේශීය ආදායම් පනත කල් යයි : ජනපතිගෙන් නියෝගයක්


'ආගමික ස්ථානවලින් බදු අයකිරීමක් නෑ' - මුදල් රාජ්‍ය ඇමති


නව දේශීය ආදායම් පනත : වෘත්තීය සමිති හා ඇමති සාකච්ජා සාර්ථකයි


'ආදායම ලක්ෂ 12ට අඩු කිසිවකුට බදු නෑ' - මුදල් ඇමති (වීඩියෝ)


බදු නොගෙව්වොත් නීතිය හමුවට - අලුත් බදු පනත 25දා !


'විදේශ ශ්‍රමිකයන් ගේන මුදල්වලට කිසිදු බද්දක් නැහැ'

මුදල් ඇමතිගේ බලතල කැපෙයි !

බන්දුලගේ ‘බදු දඩයම’ 22 වැනිදා එළිදකී

බදු පනතට සංශෝධන

80 යි 20 මම 60 යි 40 කරනවා-මංගල

'අර්ථසාධක අරමුදලට අමතර බද්දක් ‘

දේශීය ආදායම් පනත පරාජය කරනවා - ජවිපෙ

නව පනතින් පොලී ආදායම මත බද්ද දෙගුණයකින් වැඩි වෙනවා

දේශීය ආදායම් පනතින් උතුරුට සහන !

'බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා' - අගමැති (වීඩියෝ)

'නව දේශීය ආදායම් පනත ආයෝජක මිත්‍රශීලී පනතක්' - මුදල් ඇමති

යෝජිත දේශීය ආදායම් පනතට ඒකාබද්ධයෙන් නඩු

දේශීය ආදායම් අද සංකේත වර්ජනයක

කෝටි තිස්දහක් බදු ගෙවීම පොහොසතුන් පැහැර හැරලා

''වක්‍ර බදු ආදායම 60%ක් කර ජනතාවට සහන දෙනවා'' - මුදල් ඇමති

බදු ඉහලදාන අලුත් පනත ලබන මස පාර්ලිමේන්තුවට

බදු අඩුකරනවා - ඉරාන්

දේශීය ආදායමට හොරෙන්ම පනතක්

කෝටි 3,700ක බදු ආදායමක් රජයට අහිමි වෙලා

නව දේශීය ආදායම් පනත, ඝානා පනතේ කොපියක්

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන වලට 14%ක බද්දක්

දේශීය ආදායමේ කප්පම් මාෆියාවක් : ජනපතිට පැමිණිලි

මහා අසාධාරණයක් - අර්ථසාධකයේ ආදායමටත් බද්දක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top