Sathosa

Sep 01, 2017

"මට ආරා...ධනාවක් කළාදෝ” - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරයට තමාට ආරාධනා කර ඇත්තේ වැරදිලා විය හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (31දා) පැවැති උත්සවයකින් අනතුරුව  හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

"වැරදිලා වෙන්න ඇති . හිටපු එක්කෙනා කීවට අර හිටපු ජනාධිපතිනියටද දන්නේ නෑ." යැයි ඔහු පැවැසීය.

නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අනිද්දා (03දා) කොළඹදී පවත්වන අතර ඒ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආසන්නතම පුටුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් වෙන්කර ඇති බවත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පැවැසීය.

සබැඳි පුවත්

මෛත්‍රී ශ්‍රීලනිපය හා “නොකිලිටි ගමනක්” යන්න හදයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top