එහි සභාපති එන් එම් අමීන් මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, එවැනි තත්වයක් පවතින්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් වහා විමර්ශන සිදු කළ යුතු බවයි.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන අන්තවාදී මත දරණ පුද්ගලයින් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි.
පැරණි සිද්ධියක් :
ශ්‍රී ලාංකිකයින් පිරිසක් අයි එස් සංවිධානය සමග සම්බන්ධ වී ඇති බව ද ඇමතිවරයා අවධාරණය කළේය.
එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් මහතා සිය නිවේදනය මගින් පවසන්නේ මෙය පැරණි සිද්ධියක් බවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ නිවේදනය