Nov 19, 2016

රාජ්‍ය මුදල් අවභාවිතයට ප්‍රවීන මාධ්‍යවේදියකු අත්අඩංගුවට ? Featured

රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන සතිඅන්ත ජාතික පුවත්පතක ප්‍රවීන මාධ්‍යවේදියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එවකට ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය ධූරය දැරූ විමල් වීරවංශ මහතා යටතේ පැවති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිය පෞද්ගලික මෝටර් රථයක් මාසික කුළී පදනම යටතේ යොදවා ඒ වෙනුවෙන් ඉන්ධන දීමනාව ලෙස රුපියල් ලක්‍ෂ 54 ක් අයතා ලෙස ලබාගත්තේ යැයි කියන සිද්ධිය මොහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව බව පැවසේ.

ඊට අමතරව රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිතය කළේ යැයි කියන චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය කළ දැනුම්දීමකට අනුව අදාළ මාධ්‍යවේදියා පසු ගිය සතියේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන් බවද එම විමර්ශන අංශය ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඔහු හිටපු අමාත්‍ය විමර් වීරවංශ මහතාගේ කිට්ටුවන්තයකුවන බවත්, එම සමීප සබඳතාව උපයෝගීකරගනිමින් ඉදිකිරීම් සහ ඉංජිනේරු අමාත්‍යංශයත් ඒ යටතේ පවතින සියළු ආයතනවලත් දැන්වීමි සිය පුවත්පත් සමාගම නියෝජනය කරන ප්‍රධානතම සිංහල ජාතික පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාගේ බෑනනුවන්ට අයිති වෙළඳ ප්‍රචාරණ ආයතනයට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වී අතැයි මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර අදාළ ජාතික පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා එම මාධ්‍යවේදියා සම්බන්ධ බරපතල චෝදනා දැන දැනම ඔහුව තම නියෝජිතයා ලෙස පසුගිය කාලයේදී යොදාගෙන ඇති බවද වාර්තා වේ.

- සුජිත් මංගල ද සිල්වා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top