Sep 07, 2017

'අලුත් ව්‍යවස්ථාව' ව්‍යවස්ථාදායක සභාවට ! Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත ඊයේ (6දා) සකස් කොට අවසන් කළ බවත් එය මේ මස තුන් වැනි සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ සාමාජිකයෙක් පැවැසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලය එහි සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6දා) දහවල් පාර්ලිමේන්තුවේදී රැස්විය.

අවසන් ව්‍යවස්ථා කොටුම්පත ඉදිරිපත් කිරීමට එකඟතාව ඇති වී ඇත්තේ එහිදීය.

එම මූලික කෙටුම්පතට ඇතුළත් එකඟ විය නොහැකි කරුණු සම්බන්ධයෙන් ඊට පාදක සටහන් තැබීමටද දේශපාලන පක්ෂවලට අවස්ථාව සලසා දී තිබේ.

සකස් කොට අවසන් කරන ලද මූලික කෙටුම්පත භාෂා පරිවර්තන කටයුතු සිදු කිරීම සඳහා ඊයේ යොමු කොට ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top