Nov 20, 2016

‘ලන්ච් ෂීට්’ කොළඹ වනසයි

පිට පළාත්වලින් දිනපතා කොළඹට පැමිණෙන ජනතාව විසින් ‘ලන්ච් ෂීට්’ ලක්ෂ 14ක්, පත්තර පිටු ලක්ෂ 14ක් මෙන්ම කිරි පැකට්, බීම අසුරන ලක්ෂ ගණනක් කොළඹට මුදා හරිනු ලබන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පෙන්වා දෙයි.

එමෙන්ම කොළඹ ආර්ථික මධ්‍යස්ථානයට පිට පළාත්වලින් රැගෙන එන එළවළු හා පලතුරුවල අපද්‍රව්‍ය ටොන් ගණනක් කොළඹ කුණුවලට එක් වන බව ද පැවැසීය.

කොළඹ මහ රෝහලට, ඇස් රෝහලට, ළමා හා කාන්තා රෝහල්වලට මෙන්ම පෞද්ගලික රෝහල්වලට රෝගීන් බැලීමට පැමිණෙන්න් හා රෝගීන් මඟින්ද අපද්‍රව්‍ය ලොරි ගණනක් මෙලෙස දිනපතා කොළඹට අපද්‍රව්‍ය විශාල තොගයක් එක් වෙයි.

(සිළුමිණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top