Sathosa

Sep 12, 2017

'12-11-10 වැලිකඩ' : 15දා ප්‍රකාශයට

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත '12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ.

2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරඹයා කසුන් පුස්සෙවෙල විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන කරනු ලබන සුවිශේෂ හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව තිබේ.

ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගී වේ.

කෘතිය එළිදැක්වීමට සමගාමීව එදින දී මෙම ඝාතන සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ වේ.

අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කෘතිය එදින දී සහ එළඹෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක H1 25 අහස පොත් කුටියෙන් මිළ දී ගත හැක.!

InvitationBook Cover

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top