OPEN

#

OPEN

#

Sep 13, 2017

20 වැනි සංශෝධනය: හකීම්ගේ කතාවෙන් කැබිනට්ටුව උණුසුම්වේ Featured

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර තමන්ට ඒ සම්බන්ධයෙන් ඇති ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවට ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (12) පැවැති කැබිනට්‌ මණ්‌ඩල හමුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ කැබිනට්‌ රැස්‌වීම උණුසුම් තත්ත්වයක්‌ ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදේ පැවති මෙම කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේ දී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුස්‌ලිම් කොංග්‍රසය ලෙස තම පක්‍ෂයටත් ඇමැතිවරයකු ලෙස තමන්ටත් ගැටලු රැසක්‌ ඇති බව ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීම ජාතික අවශ්‍යතාවක්‌ බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වන විටත් රජය තීරණය කර ඇති බවත් සංශෝධන ඇත්නම් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී සෙසු ඇමැතිවරුන් හකීම් ඇමැතිවරයාට ප්‍රකාශ කිරීමත් සමඟ එම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

හකීම් ඇමැතිවරයා ඉදිරිපත් කළ කරුණුවලට සහ තර්කවලට කැබිනට්‌ මණ්‌ඩලයේ සෙසු ඇමැතිවරුන්ගෙන් සහායක්‌ නොලැබුණු බව ද අදාළ ආරංචි මාර්ග පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top