Pasidol
Sathosa Ad Final Sinhala
Sep 13, 2017

සංචාරක බසයේ ගැටුණු තරුණයන් දෙදෙනා මරුට (වීඩියෝ)

ඇමෙරිකානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වු සුඛෝපභෝගි බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටිමෙන් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පවසයි.

ඊයේ (12 දා) පස්වරු 6.15 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල යොර්විල් වත්ත ප‍්‍රදේශදීය.
 
තලවාකැලේ ලිදුල නාගසේන සිට  ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන්  ධාවනය වී ඇති ත්‍රිරෝද රථය සුඛෝපභෝගි බස් රථයේ ගැමී මෙම අනතුර සිදුවි ඇත.

 බරපතල තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් තරුණයන් දෙදෙනෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නුවඑරළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත. බස් රථයේ පැමිණි සංචාරකයන් ආරක්‍ෂිතව ලිදුල පොලිසියේ නවත්වා ඇත.

බස් රථයේ රියදුරා ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද රථයේ අධික වේගය මෙම අනතුරට හේතුවී ඇති බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන ලිදුල පොලිසිය සඳහන්කර සිටියි.

රංජිත් රාජපක්ෂ- හැටන් වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top