Sep 20, 2017

අකිල ඕලෙවල් පාස් අයට ගුරුපත්වීම් දෙන්න යයි ! Featured

ක්‍රීඩා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් අය බඳවා ගැනීමේ සූදානමට ගුරු වෘත්තීය සමිතිවල විරෝධතාව එල්ලවී තිබේ.

තිස් දහසකට වැඩි උපාධිධාරීන් පිරිසක් රැකියා විරහිතව සිටියදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් පිරිස් බඳවා ගැනීම ගුරු වෘත්තිය හෑල්ලුවකට ලක් කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසීය.

ක්‍රීඩා ගුරුවරුන් ලෙස 3,388 දෙනෙකු බඳවා ගැනීමට සැලැසුම්කර ඇති බව පැවසෙන අතර ඔවුන් බඳවා ගැනීමේ අවම සුදුසුකම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත්වීම හා ක්‍රීඩා තරගයකින් තෙවැනි ස්ථානයක් හිමිකර ගැනීම පමණක් බව පැවසේ.

මොවුන් බඳවාගනු ලබන්නේ රැපියල් 27,000ක වැටපකට වන අතර එම වැටුප සකසනු ලබන්නේ කළමනාකරණ සේවයේ තාක්ෂණික අංශයේ තනතුරකට බවද පැවසේ.

අකිලගෙ ආසනයට හොද්ද බොරවෙයි !

කෙසේවුවද, මේ රැකියාවලින් දහසකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පිරවීමට සැලැසුමක් ඇති බවට ද ගුරු සංගම් චෝදනා කර සිටී.

මේ බඳවා ගැනීම සිදු කිරීමට යන්නේ පුරප්පාඩු පිරවීමට බව පවසමින් බවත්, මීට පෙර එවැනි තනතුරක් නොවූ හෙයින් පුරප්පාඩු ඇතිවන්නේ කෙසේදැයි ගුරු සංගම් ප්‍රශ්නකර සිටිති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top