Sep 21, 2017

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව ව්‍යවස්ථාදායක සභාවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (21දා) පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. 

වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට එහි පළමු පරිච්ඡේදයේ සඳහන් බවය.

එමෙන්ම බලය බෙදීමේ යෝජනාවක්ද එහි ඇතුළත් බව ඔහු සඳහන් කළේය.

පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර මෙම අතුරු වාර්තාව ලබන මාසයේදී විවාදයට ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top