යුද හමුදා කෘෂි බෝග වගා කිරීමේ අංශය මගින් මේ වන විට වී සහ වෙනත් බෝග අක්කර දහස් ගණනක වගා කරන අතර ඒ ආකාරයටම එම භූමි වලත් ආරක්ෂක කඳවුරු යටතේ ඇති හිස් භූමි ප්‍රදේශවල කොළ පමණක් ලබා ගන්නා කෙසෙල් වගාව සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.
වස විස නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ආහාර රසය වැඩි කරන සුවදකින් යුත් කෙසෙල් කොළ වගාව මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ඇති කර එම කෙසෙල් කොළ ලන්ච් ෂීට් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.
මෙතෙක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක කර නොමැති මෙම කෙසෙල් කොළ ලන්ච් ෂිට් ව්‍යාපෟතිය යුද්ධ හමුදා කෟෂිකර්ම අංශය මගින්ම පරීක්ෂණ කර සොයා ගන්නා ලද සාර්ථක ව්‍යාපෟතියක් වෙයි. ඉතා කෙටි කාලයකින් කෙසෙල් කොළ ලන්ච් ෂිට් පාරිභෝගිකයන්ට ලබා දීමට මේ වන විටත් කටයුතු යොදා තිබේ.
(දිනමිණ)