Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Sep 22, 2017

රාවණා ඇල්ල සිඳී යෑමේ අවදානමක්

බණ්ඩාරවෙල, අබදණ්ඩේගම හරහා ගලා බසින කිරිඳිඔයේ අතු ගංගාවක් වන අබදණ්ඩේගම ඔයෙහි ජලය පෙරේදා (20දා) රාත්‍රියේ සිට ගලහිටියාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම පොළොවට කිඳාබසින බව ප්‍රදේශවාසීහු පවසති.

රාවණා ඇල්ල දිය ඇල්ල මෙම ජලයෙන් පෝෂණය වන බැවින් මෙයද සම්පූර්ණයෙන් සිඳී යෑමේ අවදානමක්ද ඇති බව පැවසේ.

මෙම සිද්ධියට හේතුව උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය මෙම ගම්මානය ආසන්නව පිහිටා තිබීම යැයි සැක කෙරේ.

මීට වසර දෙකහමාරකට  පෙරද මෙම ස්ථානයට මීටර් 100ක් දුරින් පිහිටි නිවසක් සහිත භූමි ප්‍රදේශයක් අඩි 25ක් පමණ ගැඹුරට  ගිලා බැස ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top