Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Sep 23, 2017

මෙදා අයවැයෙන් වයින් - බියර් බලපත්‍ර නීතිය ලිහිල් කෙරේ ! Featured

වයින් සහ බියර් අලෙවිය සඳහා වන බලපත්‍රය ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙවර අයවැයේ ඒ පිළිබඳ ආණ්‌ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.

මාතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ජෝන් අමරතුංග මහතා ඒ බව සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි නමුත් ඒ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ යෑයිද ඇමැතිවරයා කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top