Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Sep 23, 2017

මධ්‍යම - දකුණ අධීවේග ගැන විමර්ශන වාර්තා 2ක් ! Featured

මධ්‍යම සහ දකුණු අධිවේගී මාර්ග පිළිබඳව විමර්ශන වාර්තා දෙකක් ඉදිරි කාලය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා කියයි.

මේවන විටත් අදාළ විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවද සභාපතිවරයා කීවේය.

අදාළ අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී සිදු වූ සහ සිදුවෙමින් පවතින වංචා දූෂණ ඇත්නම් එහිදී හෙළිදරව් වන බවද ඒ මහතා පැවසීය.

මෙම අධිවේගී මාර්ග සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ද වාර්තා ඉදිරිපත් වී ඇති අතර අදාළ වාර්තාද සැලැකිල්ලට ගනිමින් වාර්තා නරන බව හඳුනෙත්ති මහතා පැවසීය.

හාල් පාරුවන්ට උත්තර දෙන්නෙ නෑ - කිරිඇල්ල

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා අසන ඕනෑම ප්‍රශ්නයකට උත්තරදීමට තමා සූදානම්වුවත්, අධිවේගී මාර්ගය පිළිබඳ හයහතර නොදන්නා හාල්පාරුවන් අසන ප්‍රශ්නවලට උත්තරදීමට කිසිසේත් සූදානම් නැති බව උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි.

විගණකාධිපතිවරයාට එවැනි ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට හැකියාව මෙන්ම නිපුනතාවක් ඇති බවත් ඔහු මාධ්‍යට පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top