වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වන "වැවිලි සවිය - ගමින් ගමට" සුභ සත්කාරක ජංගම සේවය යටතේ තේ, පොල් සහ රබර් වගාකරුවන්ට පොහොර සහනාධාර ඇතැලේ සියලු සහනද නවීන තාක්ෂණික දැනුම වගේම පහසුකම්ද සලසා එම වගාවන් දියුණු කිරීම සිදු කෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
"වැවිලි සවිය - ගමින් ගමට" ප්‍රභූ සත්කාරක ජංගම සේවයේ පස්වැනි අදියරය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා දෙසැම්බර් මුල් සතියේ සිට කි‍්‍රයාත්මක කිරීමටද එම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
-සුජිත් මංගල ද සිල්වා-