Sep 29, 2017

අගමැති කාර්යාලය ජපන් රැකියා දෙනවා කියන්නේ බොරු

අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් කිසියම් කණ්ඩායමක් මුදල් රැස් කරන බවට තොරතුරු ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එසේ රැකියා ලබාදීමේ කිසිඳු වැඩපිලිවෙලක් අග්‍රාමාත්‍ය කාර්යාලය සිදු කරන්නේ නැති බව එම කාර්යාලය අවධාරනය කරනු ලැබේ.

රැකියා ලබා දීමේ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයකුට හෝ ආයතනයකට අග්‍රාමාත්‍ය කාර්යාලය බලය ලබාදී නැති බවද එම නිවේදනයේ සඳහන් ය.

යම් පුද්ගලයකු හෝ ආයතනයක් එසේ මුදල් ඉල්ලා සිටින්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top