මේ අතර යුද්ධයට වඩා මෙරටට මාරක ප්‍රතිඵල අත්කර දී ඇති රිය අනතුරුවලට ගොදුරු වීමෙන් දිනකට 7 දෙනකු ශ්‍රී ලංකාව තුළ මියයන අතර 30 දෙනකු බරපතළ තුවාල ද 100 දෙනකු සුළු තුවාල ද ලබන බව පොලිස් දෙපාර්තමේන්තුවේ මාර්ග අනතුරු ප්‍රධාන කාර්යාලයෙහි ප්‍රධාන පොලිස් නිලධාරි කේ. ඒ. කිත්සිරි කුමාර මහතා ඊයේ (21 දා) පවසා සිටියේය.
පාසැල් වෑන්රියදුරන්ගේ ඇස් පරික්ෂාවට
බස්නාහිර පළාතේ සියලුම පාසැල් වෑන්රථ රියදුරන්ගේ අක්ෂි පරික්ෂා කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් දෙසැම්බර් මාසයේ මුල් සතියේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මෙම වැඩ පිළිවෙල පසුගිය වසරේ බස්නාහිර පළාතේ ආරම්භ කළ බවත්
කරන ලද පරික්ෂා කිරීම් වලදී රියදුරන්ගෙන් බහුතරයකගේ ඇසේ සුඳ තිබූ අතර ඇතැමුන්ට දුර හා ළඟ පෙනීමේ ආබාධ ද තිබු බව පරික්ෂණවලදී හෙලි වූවේ යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ත්‍රිරෝද රියදුරු බලපත්‍ර දීමේ වයස නැංවීමේ යෝජනාවක්
ත්‍රීරෝද රථ රියෑදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙතෙක් පැවැති අවුරුදු 18 වයස් සීමාව අවුරුදු 25 දක්වා වැඩිකිරීමට යෝජනා කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
මේ වන විට මෙරට ත්‍රිරෝද රථ ලක්ෂ 11 කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඉන් ලක්ෂ 8 ක් දිනපතා ධාවනයේ යෙදේ.
මෙම වසරේ ගතවූ මාස 10 තුළදී පමණක් ත්‍රිරෝද රථ අනතුරුවලින් පුද්ගලයින් 326 දෙනකු මරුමුවට පත්වී ඇත.
සබැදි පුවත්
ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි