Pasidol
Sathosa Ad Final Sinhala
Oct 12, 2017

ගලගෙදර සිට මහනුවරට මංතීරු හතරක මාර්ගයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගලගෙදර දක්වා පමණක් ඉදිකර එතැන් සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ(11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.

මධ්‍යම අධිවේදී මාර්ගයේ ගලගෙදර සිට මහනුවර දක්වා ඉදිකිරීම් උමං මාර්ග හරහා ඉදිකිරීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top