Pasidol
Sathosa Ad Final Sinhala
Oct 12, 2017

රන්ජන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඔක්තොම්බර් මස 25 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔහුට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

මෙම පෙත්සම් අද දින විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ සහ විනිසුරු අනිල් ගුණරත්න යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ දී වගඋත්තරකරු වන රන්ජන් රාමනායකට මෙලෙස නොතීසි නිකුත් කෙරුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top