Oct 17, 2017

අගමැති කොමිසමට යෑම ඉතාම සාධනීය ක්‍රියාවක් - මහින්ද Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමට යෑම සඳහා ගත් තීරණය ඉතාම සාධනීය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කියයි.

අමාත්‍යවරයා පවසන්නේ පැවැති ආණ්ඩුව දූෂණ, වංචා කළ බව පවසමින් පවතින පාලනයට එයාකාරයටම වංචා, දූෂණ කිරීමට කිසිදු අයිතියක් නොමැති අතර වත්මන් ආණ්ඩුව හොරකම් සිදු කළා නම් ඒ පිළිබඳ වඩා හොඳින් සෙවිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (16දා) පස්වරුවේ සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පළමුවරට නීතිය හමුවට ගියේ තමා බව පැවසු අමරවීර මහතා කියා සිටියේ අද වන විට ඊට විවිධ පාර්ශ්ව උප්පැන්න සහතික ලබා දෙමින් සිටින බවයි.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ක්‍රියාත්මක කරන රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද මේ වන විට අමාත්‍යවරුන් විවිධ චෝදනා සම්බන්ධයෙන් කොමිසම් හමුවේ පෙනී සිටීමද සාධනීය ලක්ෂණක් බව ඔහු කියා සිටියේය.

සබැඳි පුවත්
අගමැති බැඳුම්කර කොමිසමට යාමට සුදානමින් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top