ලියාපදිංචි අලි ඇතුන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සකස්කර ඇති නියෝගවල මෙලෙස දැක්වෙන අතර එම නියෝග ප්‍රකාශයට පත්කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර වාර්ෂිකව ලබාගන්නා බලපත්‍රයක් යටතේ හීලෑ අලි ඇතුළන් ළඟ තබා ගැනීමට එමගින් පුද්ගලයන්ට නීත්‍යනුකූලව අවසර ලබාදී තිබේ.
කෙසේ වෙතත් එම අවසරය කොන්දේසි 41ට යටත් කර ඇත.
ඒ අනුව එම අලි ඇතුන් රඳවා තබන ස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය, එම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම, අයිතිකරුවන්ගේ හා රැකබලාගනු ලබන පුද්ගලයින්ගේ වගකීම, ලියාපදිංචි කරනු ලැබ ඇති ඇතින්නියකගෙන් උපත ලබන පැටවුන් රැකබලා ගැනීම,අලි ඇතුන් වැඩෙහි යොදා ගැනීම,අභිජනනය,පෙරහැර හා රූගත කිරීම් සඳහා යොදාගැනීම,අලි ඇතුන්ට ඇඳුම් පැළැඳුම් යෙදීම යන කරුණු අඩංගුය.
එසේම හීලෑ අලි ඇතුන් දිනකට අවම වශයෙන් කිලෝමීටර් 5ක්වත් ඇවිද්දවිය යුතුවීම,පැය දෙක හමාරක කාලයක් ජල ස්නානය කරවිය යුතුවීම ආදිය එම කොන්දේසි 41ට අඩංගුවී තිබේ.