Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Oct 23, 2017

ලංකාවට නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙක්

රුසියානු රජය මගින් නව  ශ්‍රී ලංකා තානාපති ලෙස යූරී බී. මැටෙරයි මහතා  පත්කර තිබේ.

ඔහු සිය අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (23දා) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී නිල වශයෙන් භාරදෙන ලදී.

මීට අමතරව මෙරට නව කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන්, මාලදිවයින් තානාපති මොහොමඩ් හුසේන් ශාරීෆ්, පාක්සිතානු මහකොමසාරිස් ජෙනරාල් සහීඩ් අහමඩ් හස්මට් හා ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්නි යන මහත්වරුන්ද එහිදී ජනාධිපතිවරයා ඉදිරියේ  තම අක්තපත්‍ර නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම නව තානාපතිවරුන් පිළිගනිමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය  සියලු ජාතීන් අතර මිත්‍රත්වය ස්ථාපිත කිරීම සඳහා යොමු කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top