රාජිණී තිරාණගම ,රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ. ශ්‍රීධරන් යන කතුවරුන් විසින් රචිත මෙම කෘතිය 'බිඳුණු තල් රුක’යි.
එම කෘතියේ ප්රවේශයේදී රාජිණී තිරාණගම මෙසේ සඳහන් කරන්නීය.
"කවදා හෝ දවසක තුවක්කුවක් විසින් මාව නිහඬ බවට පත් කරනු ඇත. නමුත් ඒ තුවක්කුව අන්‍ය පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරන එකක් නොවිය හැකිය. මගේ ඉතිහාසයම
බෙදා හදා ගන්නාවූත් මේ සමාජයෙහිම වාසය කරන්නාවූත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වැඞී උපත ලැබූ පුත්‍රයෙකු විසින් ක්‍රියාත්මක කරන ලද තුවක්කුවක් වනු ඇත එය".
මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ නිදහස් මතධාරිනියක වූ රාජිනී තිරාණගම 1989 සැප්තැම්බර් මාසයේ විසි එක් වෙනි දින එල්ටීටීඊ තුවක්කුකරුවන් විසින් යාපනයේ දී වෙඩි තබා මරා දමනු ලැබීය.
යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යා අංශයේ එවකට ප්‍රධානියා ද වූ ඇය එල්ටීටීඊය විසින් මරා දැමීමට හේතුවූයේ ඇය වෙනස් මතයක් දැරීම අපරාධයක් සේ සැළකූ බැවිනි.