Sathosa

Oct 24, 2017

"වෙන්ඩ ගුරුවරු" ගුටි ඇණගනී

පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් අතර ඊයේ (23) රාත්‍රියේදී ගැටුමක් ඇති වී තිබේ.

පළමු වසර ඉගෙනුම ලබන සිසුවියන් හා දෙවන වසර ඉගෙනුම ලබන සිසුවියන් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර ඊට හේතුවී ඇත්තේ දෙවන වසර සිසුවියන් විසින් පළමු වසර සිසුවියන්
සඳහා නවක වදය ලබාදීමේ සිද්ධියකි. මේ කරුණ මුල්කරගෙන ඇතිවූ  උණුසුම් වචන හුවමාරුව පසුව ගුටිබැට ඇණ ගැනීමක් දක්වා දුරදිග ගොස් ඇත.

තවද සිසුවියන් විදුලිය විසන්ධි කර නේවාසිකාගාරයේ පිගන්ද පොළොවේ ගසා ඇති බව විද්‍යා පීඨයේ මුරකරුවෙකු ප්‍රකාශ කර ඇත.

ගැටුම තවදුරටත් ඇතිවීම වැලැක්වීම සඳහා මෙන්ම ඊයේ රාත්‍රියේදී සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම විද්‍යා පීඨයට පොලිසිය යොදවා තිබුණි.

Vidyapitha 1

Vidyapitha 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top