1987 දී අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. අද බෝම්බ ගැසිය යුතු බව පවසන්නේ අජිත් කුමාරගේ මස්සිනා විමල් වීරවංශය. 1987 දී අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. අද බෝම්බ ගැසිය යුතු බව පවසන්නේ අජිත් කුමාරගේ මස්සිනා විමල් වීරවංශය.
Oct 27, 2017

'මහින්ද වටේ ඉන්න පිරිසගේ නරුමකම තේරුම් ගත යුතුයි'

''මහින්ද රාජපක්ෂ වටේ ඉන්න පිරිසගේ නරුමකම විමල් වීරවංශගේ ප්‍රකාශවලින් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. මහින්ද වටේ ඉන්නේ මොන තරම් සාහසික බලවේගයක්ද? රටක ව්‍යවස්ථාවට පක්ෂ වෙන්න හෝ විරුද්ධ වෙන්න කාටත් අයිතියක් තිබෙනවා. ඒ අයිතියට අභියෝග කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන අභියෝගයක්.'' යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

''ව්‍යවස්ථාවක් සම්මත වීමේ දී ජනමත විචාරණයකට යන්න සිදුවනවා. එවිට ජනතාවට ව්‍යවස්ථාවක් ඕනද එපාද කියා තීරණය කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ  වටේ ඉන්න කණ්ඩායමේ සාහසික ප්‍රකාශවලින්, මෙවැනි කණ්ඩායමක් අතට නැවත බලය අත්පත් වුණොත් කුමණ තත්ත්වයක් උදාවේද කියා ජනතාව තේරුම් ගන්න ඕන.'' යයි ද ඔහු එහිදී පැවසිය.


සබැඳි පුවත් :

'මස්සිනා කලදේට වැඩි විනාශයක් විමල් කළා '
විමල්ගේ 'බෝම්බ' කතාව බරපතළ තර්ජනයක්‌ - කථානායක

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top