Oct 27, 2017

ලන්ච් ෂීට් මිල දෙගුණ තෙගුණ වී වෙළෙඳපොළට එයි

රජයේ නිර්ණායකවලට අනුව ලන්ච් ෂීට් එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් දෙකයි ශත අනූවකට ආසන්න මුදලක් වැය වන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

කුඩාම වර්ගයේ ෂොපින් බෑගයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියලකට ආසන්න මුදලක් වැය වන බවත්, මෙතෙක් සිදුකළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ලන්ච් ෂීට් එකක් නිෂ්පාදනයට ශත 60කුත්, ෂොපින් බෑගයක් නිෂ්පාදනය සඳහා ශත 60ක මුදලකුත් වියදම්වූ බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.

එහෙත් නව අමුද්‍රව්‍යවලින් භාණ්ඩ නිෂ්පාදනයට සැලකිය යුතු මුදලක් වැය වන නිසා ලන්ච්ෂීට් එකක මිල රුපියල් තුනයි පනහත්, හතරත් අතර මිලකට ඉහළ යා හැකි බවත්, කුඩාම ෂොපින්බෑගයක මිල රුපියල් එකයි පනහත්, දෙකත් අතර මුදලක් විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.

ජනවාරි පළමුවන දින සිට මිලදී ගතහැකිවන පරිදි එම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.

(අද)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top