Pasidol
Sathosa Ad Final Sinhala
Nov 25, 2016

අනුර සේනානායකට තවත් 'සුදු වැන්' චෝදනාවක් !

රාජපක්ෂ පාලන සමයේදී 'සුදු වෑන්' මගින් සිදුකරන ලද පැහැර ගැනීම් පිළිබද සාක්ෂි වසන් කිරීම සදහා හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ඊයේ අනාවරනය විය.

ඒ, දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගය ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

2008 වසරේදී මෙම පැහැර ගැනීම සිදුකර තිබිණ.

මෙම සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීමට පියවර ගත් බවට සැකකෙරෙන අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොලඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඊට අදාළ පරීක්ෂන සදහා වන ලේඛන ලබා දෙන්නැයි නාවික හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවද පැමිණිලි පාර්ශවය ඊයේ අධිකරණය හමුවේ පැවසිය.

ඒ අනුව ලබන 30 වනදාට පෙර එම වාර්තා ලබා දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා, නාවික හමුදාපතිවරයාට නියෝග කළේය.

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අනුර සේනානායක මහතා මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top