Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 05, 2017

මංගලගේ මංගල අයවැය 'දේදුනු අනන්තයේ' සිට

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ මංගල අයවැය පානදුර ගොරකානේ පිහිටි ''දේදුනු අනන්තය' (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සිට කෙටුම්පත් කරමින් සිටින බව වාර්තාවේ.

එහෙයින්, බොල්ගොඩ වැව ආශ්‍රිත අතිශයින් දැකුම්කලු නිසංසල පරිසරයක පිහිටි ''දේදුනු අනන්තය' මේ දිනවල තරමක් කාර්යබහුල වී ඇති බව ද එම වාර්තා සඳහන්  කරයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් රැසක් පසුගිය දින කිහිපයෙහි උදැසන සිට මැදියම් රාත්‍රී වනතෙක් අයවැය සැකසීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කර තිබේ.

2019 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4000ක් විදේශ ණය ගෙවීමට ඇති බැවින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අර්බුදය කෙරෙහි මෙවර අයවැයෙහි විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසේ. 

 

සබැඳි පුවත් :

2018 සඳහා කප්පම් නැති අයවැයක් !

2018 අයවැය : රටේ ණය කන්දරාව ජනතාවගේ කර මතට! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top