Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 08, 2017

'තෙල් අර්බුදය පහව යෑමට තව දින 02ක් ගත වේවි'

පෙට්‍රල් තොග සහිත නෞකාවක් අද (8දා) දින මෙරටට පැමිණියත් උද්ගත වී ඇති පෙට්‍රල් අර්බුදය සම්පූර්ණයෙන් පහව යෑමට තව දින දෙකක් පමණ ගත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

පැමිණෙන තෙල් නැවේ ප්‍රමිතිය පරීක්ෂා කර අනතුරුව ඉන් ඉන්ධන ගොඩබෑම සඳහා හෙට (9දා) දිනය ගතවන බවද ඒ මහතා කියයි.

එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දෙදින වන විට පවතින පෙට්‍රල් හිඟය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම පැවැසීය.

බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (7දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම ඒ බව කීය.

අර්ජුනගේ කතාව හොදයි :

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවැසුවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා වරද පිළිගෙන මහජනතාවගෙන් සමාව ඇයැදීම ගැන ස්තුතිවන්ත වන බවයි.

පක්ෂ, පාට හේදයකින් තොරව කළ එම ප්‍රකාශයට ගරු කළ යුතු බවද ඔහු පැවැසීය. නමුත් එම සමාව ගැනීමෙන් අමාත්‍යවරයාටත් පාලන අධිකාරියටත් මෙම තත්ත්වය මඟහැරිය නොහැකි බවද හෙතෙම පැවැසීය.

'ලේඩි නෙවරස්‌කා' අද එයි !

පවතින ඉන්ධන අර්බුදය විසඳීමට පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 40,000 ක්‌ රැගෙන 'ලේඩි නෙවරස්‌කා' නැව මේ වන විට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ කීය.

එම නැව අද (08 දා) රාත්‍රි 11 පමණ වන විට දිවයිනට පැමිණෙනු ඇතැයි ද එය ඊයේ සවස්‌ වන විට කොචි සහ බැංගලෝර් අතර මුහුදේ යාත්‍රා කරමින් තිබූ බව ශ්‍රී ලංකා රජය සැටලයිට්‌ මගින් නිරීක්‍ෂණය කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මේ තෙල් නැව කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති අතර ඒ අනුව පැමිණීමට නියමිත වේලාවට පැය දෙකකට පමණ පෙර තෙල් නෞකාව ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top