Pasidol
Sathosa Ad Final Sinhala
Nov 26, 2016

සඳරුවන් සහ අපි (සත්හඬ සටහනක්)

මේ සටහන ලියන්නට සැරසෙන විට මගේ ඇස ගැටුණේ ලන්ඩනයේ සිටින සඳරුවන් අල්ලන් එන්නැයි කියා ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියට බලපැවැත්වෙන වරෙන්තුවක් ගම්පහ උසාවියෙන් නිකුත් කර ඇති පුවතය.

ලංකාවේ සයිබර් මාධ්‍ය ඉතිහාසය ලියන විට, ඊ නිවුස් මග හැරිය නොහැකිය. රාජපක්ෂ රෙජිමයට එරෙහි සටනේදී ඊ නිව්ස් කළ කාර්යභාරය ද නිවැරදිව තක්සේරු කළ යුතුය.

කෙසේ වෙතත් දැන් සඳරුවන්ට වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමිනි.

එක් එක් ආණ්ඩු, ජනමාධ්‍ය මර්දනය කරන්නේ එක් එක් ආකාරයෙනි. එය නීති පොතේ වගන්තිවල සිට දුරකථන ඇමතුම් හරහා සුදු වෑන් දක්වා විහිදුණු විශාල කලාපයකි.

ලංකා ඊ නිව්ස් හි මාධ්‍ය භාවිතාව පිළිබඳව අපගේ එකඟතා නො එකඟතාවල ප්‍රතිශතය, ඊ නිව්ස් මර්දනය කිරීම සඳහා අත් එසවීමට අප හේතුවක් කරගන්නේ නැත. එය හදිසි ස්ථාවරයක් නොවේ.

රාජපක්ෂ ආණ්ඩුව ඊ නිව්ස් ගිනි තැබූ මොහොතේ - ඊ නිව්ස් තහනම් කළ මොහොතේ සංවිධාන වූ උද්ඝෝෂණවලට තනි මිනිසුන් සහ දේශපාලන සංවිධාන සාමාජිකයන් ලෙස අප සහභාගී වූ අතීතයේ දී ද අපගේ ස්ථාවරය වූයේ එයමය.

මිනිසුන්ගේ අතිපෞද්ගලිකත්වය උලූප්පන - සත්තුන්ගෙ නම් මිනිසුන්ට පටබඳින - හීනියට කුල මල ජාතිවාදය මුහු කරන ඊ නිව්ස් පුවත් කලාවට අපගේ ඇති විවේචනය එලෙසින්ම තබා ගනිමින්, `සඳරුවන් කුදලාගෙන ඒමේ නෛතික මර්දනය`ට අපගේ විරෝධය මෙසේ පළ කර සිටිමු.

අද සඳරුවන්ට යවන ඉන්ටපෝල් වරෙන්තුව හෙට වෙන විදිහකට රෝහිත භාෂණට ද යවන්නට බැරිකමක් නැත. සයුර තරණය කළ වරෙන්තුවලට දූපත කජ්ජක් නොවන බව කියන්නට මාටින් නිමොලර්ම එන්නට ඕනෑද?

ඒ කෙසේ වුව, අවසන් වශයෙන් මේ ටික ලියමි.

ගහන්න ගත්තාම සඳරුවන් ඔක්කොටම ගසයි.

හැබැයි ධනපති ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට ඔහු ලක් වන විට, ඔහු වෙනුවෙන් කුමන මාත්‍රයකින් හෝ පෙනී සිටින්නට පෙරට එනු ඇත්තේ, `ලංකට් ලේන්සු අමුඩයෙක්` ලෙස සඳරුවන්ම වරෙක හැඳින්වූ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ - `අසූචි ගසා එළවා දැමිය යුතු ප්‍රතිගාමී ජෝකර්ලා` ලෙස සඳරුවන්ම වරෙක හැඳින්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වමේ පක්ෂත් - ප්‍රගතිශීලී තනි තනි පුද්ගලයන් කිහිප දෙනකුත් පමණක් විය හැකිය

(සත්හඬ -විමල් කැටිපෙආරච්චි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top