Nov 09, 2017

අටපාස් අයවැය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපොහොසත්වන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් වෙන්කළ ලංකාවේ පළමු අයවැය බවට අද (09) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අය වැය ඉතිහාසගතව තිබේ.

එම දරුවන් වෙනුවෙන් 2018 අයවැයෙන් රුපියල් මිලියන 35,000ක් වෙන්කර ඇත.

පසුගිය කාලයේදී උසස් පෙළට පෙනී සිට වසරකට විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමේ නිසැක අවස්ථාව හිමි වී ප්‍රතිශතයක් ලෙස 13% - 15% අතර පිරිසකටය.

වසර 2016 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයින් ගණන 263,550 කි.

උසස්‌ පෙළ විභාගය සමත් ප්‍රතිශතය සියයට 63.36 කි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top