Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 26, 2016

අයවැය යෝජනා කිහිපයකට ශ්‍රීලනිපයෙන් බාල්දියක් !

ලාභ ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමට සහ ඊ. පී. එෆ්. ණය මුදල අහෝසි කිරීම ඇතුළු අයවැය යෝජනා කිහිපයකට ශ්‍රීලනිපයට එකඟ විය නොහැකි බැවින් ඒවා සංශෝධනය කළ යුතු බවට රජය නියෝජනය කරන ශ්‍රීලනිප අමාත්‍යවරු පවසති.

අයවැයේ සඳහන් වුවත් ලාභ ලබන කිසිදු ආයතනයක්‌ පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාගේ ස්‌ථාවරය බව ද එසේම ඊ. පී. එෆ් ණය මුදල අහෝසි කිරීම සහ ඊ. පී. එෆ්. සාමාජික අරමුදල් ශේෂයෙන් සියයට 30 ක්‌ ලබාගැනීමට සේවකයාට තිබූ අයිතිය අහෝසි කිරීම යන කරුණුවලට ශ්‍රීලනිපයට එකඟ විය නොහැකි බව ද ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කීවේය.

ජාතික ගෙවීම් වේදිකාව ?

එසේම දැනට ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන ජාතික ගෙවීම් වේදිකාව අයවැය යෝජනාව මහ බැංකු අධීක්‌ෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන බව ජනාධිපතිවරයාගේ ස්‌ථාවරය බව ද ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කියයි.

දුම්කොළ සමාගමෙන් රු. මිලියන 500 ක්‌ ජනාධිපති අරමුදලට පරිත්‍යාගයක්‌ ලෙස ලබා ගැනීමේ අයවැය යෝජනාව ද දැනටමත් සෞඛ්‍ය ඇමැතිවරයා විරෝධය පළ කර තිබෙන බවත් ඒ නිසා ශ්‍රීලනිපය එකඟ නොවන අයවැය යෝජනා වෙනස්‌ කර ගැනීමට සාකච්ඡා කරන බවත් ඒ අනුව ඒවා වෙනස්‌ කර ගැනීමට හැකි වණු ඇති බවටත් ඩිලාන් පෙරේරා ඇමැතිවරයා තවදුරටත් කියා සිටී.

ඇමතිවරයා මෙම කාරනා සඳහන් කලේ මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීය.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක සහ ලක්ෂ්මන් යාපා මහත්වරුන් හා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක්ද සහභාගී විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top