Sathosa

Nov 10, 2017

"විගණන පනත නැතුව විගණන දෙපාර්තමේන්තුව අඩපනයි" Featured

ජාතික විගණන පනත ගෙන ඒම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පෙනෙන්නට ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

එය විගණකාධිපති දෙපාර්තමේන්තුව අඩපණ කිරීමට හේතුවක් වී ඇති බවත්, විගණන සේවා කොමිෂන් සභාව වසර 2ක සිට අක්‍රීය වී ඇති බවත් කියා සිටී.

විගණන සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවීමෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් ආයතනයක් බවට පත් කර ගත නොහැකිව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

දහනමවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් ය.

ඒ අනුව එම කොමිසමේ සමාජිකයින් පවා මේ වන විට පත් කර අවසන් ය.

ඔවුන්ට මාසික ගෙවීම් පවා කළ ද අපේක්ෂිත සේවාව නොලැබෙන්නේ, ජාතික විගණන පනත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

දහනමවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි මස 15 වන දින සම්මත වුවත් දින 939ක් ගතව ඇතත්, විගණන පනත ගෙන ඒමට ආණ්ඩුව තවමත් අසමත්ව තිබේ.

එම කාලය තුළ විවිධ කමිටු හරහා අදාළ පනත් කෙටුම්පත සංශෝධනයට ලක් විය.

අවසන් වරට පසුගිය අගෝස්තු 10 වැනිදා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අතර එහිදී සංශෝධන සිදුකිරීම සඳහා සති 2ක කාලයක් ලබා දුන්නේ ය.

කෙසේවුවද, සති 2ක ගත වීමටත් පෙර සති 3ක් සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මේ තත්ත්වය තුළ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය මාසයේ ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන රහිතව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top