Pasidol
Sathosa Ad Final Sinhala
Nov 13, 2017

මුන්නේෂ්වරම වැවේ ඓතිහාසික නටබුන් ? Featured

හලාවත - මුන්නේෂ්වරම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට ගොඩනැගිල්ලක නටඹුන් මතුවී ඇත.

ඓතිහාසික මුන්නේෂ්වරම දේවාලයට සහ තුමුලසෝම පිරිවෙනට ආසන්නයෙන් මෙම වැව පිහිටා ඇත.

මුන්නේෂ්වරම වැවේ ස්ථාන කීපයක රොන් මඩ ඉවත් කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී.

එසේ රොන් මඩ ඉවත් කරමින් සිටියදී මෙම නටඹුන් හමුවී ඇති අතර වැවේ ඇති දූපතක් වැනි ස්ථානයකින් මෙම නටඹුන් හමුවීම ද විශේෂත්වයකි.

විවිධ ප්‍රමාණයේ ගඩොල් වර්ග මෙන්ම පාත්ර කොටස්ද එසේ හමුවූ නටබුන් අතර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙම ස්ථානයට පැමිණ විමර්ශණ කටයුතු සිදු කර පසුව රොන් මඩ ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

හමුවී ඇති ගඩොල් සහ පාත්ර කොටස් අනුරාධපුර හෝ පොලොන්නරුව යුගයට අයත් විය හැකි බවට අනුමාන කරන බව තරුණ පුරා විද්යා ගවේෂකයෙකු වන ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා පැවසීය.

රජ සමයේ මෙම වැව බාරව සිටි නිලධාරියාගේ නිවස මෙම ස්ථානයේ තිබෙන්නට ඇති බවට විශ්වාසයක් ඇති නමුත් පාත්ර කොටස් හමුවීම තුළින් ඊටත් වඩා වැඩි දෙයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවන බව ඔහු කියා සිටියේය.

මෙම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට පසුගිය මාසයේ දේව ප්රතිමාවක්ද හමු විය.

ජුඩ් සමන්ත - හලාවත වාර්තාකරු

1 1

4 1

10 1

12 1

13 1

16 1

19 1

22 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top