Nov 16, 2017

'මංගල අයවැය' දෙවනවර කියවීම සම්මතයි

අයවැය දෙවනවර කියවීම අද (16) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 58ක් පමණි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබුණද ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂව ඡන්දය භාවිතාකළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top